ඇමරිකාවේ බැංකු ක්‍ෂේත්‍රයේ ඇති වූ කැලඹීමෙන් ණය සීමා අර්බුදය තවත් දැඩි වේ
2023-03-31 10:47:18
Share with:

ඇමරිකාවේ සිලිකන් වැලි බැංකුව සහ සිග්නේචර් බැංකුව පසුගියදා වසාදැමීම එරට සහ යුරෝපා බැංකු ක්ෂේත්‍රයේ  කැලඹීමකට තුඩු දී  තිබේ. ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව බැංකු ක්ෂේත්‍රයේ පවතින අවුල් සහගත තත්ත්වය ඇමෙරිකානු රජයේ ආදායම අඩුවීමට හේතු විය හැකි බවත්, එමගින් ණය සීමාව පිළිබඳ ගැටලුවට තවත් හදිසි තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බැංකු ක්ෂේත්‍රයේ මෑතකාලීනව පවතින කැලඹීම සහ ෆෙඩරල් සංචිතය විසින් පොළී අනුපාත ඉහළ දැමීම, බැංකු ණය දීමේ ක්‍රියාකාරකම් සීමා කර ඇත. ණය දීම සීමා කිරීම සමස්ත ඇමරිකාවේ ආර්ථිකයේ මන්දගාමිත්වයට සහ විරැකියාව ඉහළ යාමට තුඩු දෙනු ඇතැයි ද ආර්ථික විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

ගුවන් විදුලිය
20230531බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම