නව යුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය අධ්‍යයනය කිරීම අඛණ්ඩව ගැඹුරු කරන බව චීන ජනපති අවධාරණය කරයි
2023-03-31 15:49:59
Share with:

නව යුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය අධ්‍යයනය කිරීම අඛණ්ඩව ගැඹුරු කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

හෙතෙම මේ බව පැවසුවේ, “නව යුගයේ ෂී ජින්පිං මහතාගේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය” පිළිබඳ ව ඊයේ (30) පස්වරුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ පැවති හතරවැනි කණ්ඩායම් අධ්‍යයනයේ දී ය.

රටේ ප්‍රතිසංස්කරණය, සංවර්ධනය, ස්ථාවරත්වය, අභ්‍යන්තර කටයුතු, රාජ්‍ය තාන්ත්‍රිකත්වය, ආරක්ෂක කටයුතු, පක්ෂ පාලනය, රට පාලනය, හමුදා පාලනය යනාදිය නව යුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනයට අඩංගු වන අතර, එය සම්පූර්ණ විද්‍යාත්මක පද්ධතියක් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

එම චින්තනය භාවිත කර, නව යුගයේ තත්ත්වය වටහා ගෙන, වත්මන් වෙනස් වන ජාත්‍යන්තර තත්ත්වයට මුහුණ දෙමින්, චීන ජාතියේ මහා පුනර්ජීවනය ප්‍රවර්ධනය කළ යුතු බව හෙතෙම කීය. එම චින්තනය භාවිත කර, චීන අනන්‍යතාව සපිරි නවීකරණය ඉහළ මට්ටමකට ගෙන යන බවත්, සංවර්ධනය කිරීමේදී සිදු වන ගැටළු විසඳන බවත්, නව සංවර්ධන ව්‍යුහය, උසස් මට්ටමේ සංවර්ධනය සහ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරන බවත් ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240727සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම