ටිබෙට් ස්වායත්තයේ අධ්‍යාපනය පිළිබඳ සම්මන්ත්‍රණය බෙයිජිං හි දී
2023-03-31 10:35:48
Share with:

චීන ටිබෙට් ස්වායත්තයේ අධ්‍යාපනය පිළිබඳ සම්මන්ත්‍රණය චීනයේ බෙයිජිං අගනුවර දී පැවැත්වෙයි. චීන සහ විදේශීය විශේෂඥයෝ 60කට වැඩි පිරිසක් පසුගිය දා පැවති එම සම්මන්ත්‍රණයට එක්වූහ. ඔවුන්ගේ අත්දැකීම් සහ පර්යේෂණ මත පදනම්ව ටිබෙට් ස්වායත්තයේ අධ්‍යාපනය දියුණු කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලින් පසු ටිබෙට් ජාතිකයන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සහ අයිතිය ලැබී ඇති අතර, සියලුම ජනවර්ග නියෝජනය කරන ජනතාවගේ අධ්‍යාපන අයිතිය සම්පූර්ණයෙන් සහතික කර ඇති බව, බෙයිජිං හි ජාතිකත්වය සඳහා වූ මධ්‍යම විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු ටිබෙට් ජාතික මහාචාර්ය Sherab Nyima මහතා පැවසීය.

ටිබෙට් ස්වායත්තයේ සාමකාමී විමුක්තියෙන් පසු, එහි වෙසෙන සියලුම ජනවාර්ගික කණ්ඩායම්වලට නවීන අධ්‍යාපනය භුක්ති විඳීමේ මූලික අයිතිය තහවුරු කිරීම, චීනය වැදගත් ස්ථානයක තබා ඇති බව ඕස්ට්‍රේලියාවේ Griffith විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Colin Mackerras මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම