නව කොරොනා වසංගතය මුවාවෙන් සිදු කරන කවර ආකාරයේ හෝ දේශපාලන උපායන්ට චීනයේ දැඩි විරෝධය
2023-03-31 18:51:29
Share with:

නව කොරොනා වසංගතය මුවාවෙන් සිදු කරන කවර ආකාරයේ හෝ දේශපාලන උගුල්වලට තරයේ විරුද්ධ වන බව චීනය ප්‍රකාශ කරයි.

නව කොරොනා වෛරස සම්භවය සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සිදු කෙරෙන විද්‍යාත්මක පරීක්ෂණ කටයුතුවලට චීනය සැමවිටම සහාය දෙන අතර ඊට ක්‍රියාශීලීව දායක වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී‍ පැවසුවාය. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ සිදු කළ අදාළ පරීක්ෂණ දෙකට චීනය සහයෝගය ලබා දී ඇත. වෛරස සම්භවය සොයා ගැනීමට චීනය බෙදා ගත් පර්යේෂණ ප්‍රතිළුල සංඛ්‍යාව ඉතා ඉහළ වන අතර, පරීක්ෂණ කටයුතුවලට ලබා දුන් දායකත්වය විශාල බවද ඇය සඳහන් කළාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදාළ කටයුතු සඳහා මැදිහත් වීම, අවංකව ක්‍රියා කළ විද්‍යාඥයන් මර්දනය කිරීම සහ අසත්‍ය තොරතුරු නිර්මාණය කර සෙසු රටවල් අපකීර්තියට පත් කිරීම හැර, ඇමරිකාව මේ දක්වා කිසිඳු වගකිවයුතු පියවරක් ගෙන නොමැත. වෛරස සම්භවය සොයා ගැනීම් කටයුතු සිදු කිරීම සඳහා ඇමරිකාව කිසිවිටෙක ලෝක සෞඛ්‍ය සංවිධානයට ආරාධනා කර නොමැති බව ඇය අවධාරණය කළාය.

වෛරස සම්භවය සොයා ගැනීමේ පරීක්ෂණ කටයුතුවලට සහාය ‍දීම සඳහා, සෙසු රටවල, විශේෂයෙන්ම ඇමරිකාවේ, පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙසට ද Mao Ning මහත්මිය එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම