චීනයේ නව සංවර්ධනය තුළින් ලෝකයට නව අවස්ථා නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ
2023-03-31 11:47:54
Share with:

පසුගිය 28වැනි දා ආරම්භ වූ බෝආඕ ආසියානු සංසදයේ 2023 වාර්ෂික සමුළුව අද (31) දින දක්වා චීනයේ හයි නැන් පළාතේ බෝ ආඕ හි දී පැවැත්විණ.

ගෝලීය දේශපාලන, වාණිජ හා විද්වත් ක්ෂේත්‍රවල පුද්ගලයන් ඊට එක් වෙමින් සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය පදනම් වූ සාමකාමී සංවර්ධන ප්‍රවේශ පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

ස්ථාවර මට්ටමේ පවතින චීන ආර්ථිකය තවදුරටත් යහපත් ප්‍රවණතාවයක් පෙන්වන බැවින් ආසියාවට පමණක් නොව එය  ලෝකයටම ධනාත්මක ශක්තියක් එක් කරනු ඇත. චීනයේ නව සංවර්ධනය තුළින් ලෝකයට නව අවස්ථා නිර්මාණය වනු ඇති බව ද එහි දී ඔවුහු පැවසූහ.

ජාත්‍යන්තර වේදිකාවේ ආසියාවට හිමි ස්ථානය තව තවත් ඉහළ යමින් පවතී. ආසියාව යුරෝපය ඇතුළු ලොව සෙසු කලාප සමග වෙළඳ හා ආ‍යෝජන හුවමාරු වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් බෝආඕ ආසියානු සංසදය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම