චීන කොමියුනිස්ට් පක්ෂ විද්‍යාලය හා වසන්ත අධ්‍යයන සමය ආරම්භ කිරීම පිළිබඳ ෂී ජින්පිං මහතා සිදු කළ දේශනය ඇසුරින් ලිපියක්
2023-03-31 16:34:57
Share with:

‘චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ විද්‍යාලය ස්ථාපිත කිරීමේ 90වැනි සංවත්සරය සැමරීම හා වසර 2023 එහි වසන්ත අධ්‍යයන සමය ආරම්භ කිරීම පිළිබඳ උත්සවයේ ෂී ජින්පිං මහතා සිදු කළ දේශනය’ තේමාවෙන් යුතු ලිපිය පළ කෙරේ.

එම ලිපිය හෙට (1) නිකුත් කිරීමට නියමිත ‘Qiushi’ සඟරාවේ 7 වැනි කලාපයේ පළ කෙරෙනු ඇත. 

පක්ෂය වෙනුවෙන් ප්‍රවීණයින් පෝෂණය කිරීම, පක්ෂය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීම සෑම විටම පක්ෂ විද්‍යාලයේ මූලික අභිප්‍රාය බව ඉතිහාසය දෙස ආවර්ජනය කිරීමේදී වැටහෙන බව එම ලිපිය අවධාරණය කරයි.  

   නව යුගයේ නව ගමනක් ආරම්භ කර ඇති විවිධ මට්ටම්වල පක්ෂ විද්‍යාල, එම මූලික අභිප්‍රායෙහි එල්බ සිට නවීකරණ සමාජවාදී රටක් සම්පූර්ණයෙන් ගොඩනැගීමටත්, චීන ජතිකයින්ගේ මහා පුනර්ජීවනය ළඟා කර ගැනීමටත් උද්‍යෝගිවත් ව උත්සාහ කරමින් නව දායකත්වය ලබා දිය යුතු බව ද එහි සඳහන් වේ. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම