බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුව අවසන්
2023-03-31 19:03:32
Share with:

බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුව අද (31) පස්වරුවේ අවසන් විය.

මෙවර සමුළුව වැදගත් ජයග්‍රහණ අත් කර ගත් බව බෝඅඕ ආසියා සංසදයේ මහලේකම් Li Baodong මහතා සමුළුව අවසන් කිරීම පිළිබඳ මාධ්‍ය හමුවේදී පැවසීය. ‍ එම සමුළුව, වර්තමාන ලෝකය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න ගැඹුරින් විශ්ලේෂණය කර ඇති බවත්, ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීමේ පොදු එකඟතාව තහවුරු කර ඇති බවත්, ලෝක ආර්ථික ප්‍රකෘතිය හා තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කරන ‍යෝජනා ඉදරිපත් ‍කර ඇති බවත් හෙතෙම කීය.

භූ දේශපාලන හා දෘෂ්ටිවාදාත්මක ගැටුම්වලට කාලය විනාශ නොකළ යුතු අතර, එකුමුතුව දිගුකාලීන අභියෝගයන්ට මුහුණ දිය යුතු බව සමුළුවේ සියලු පාර්ශ්වයන්ගේ පොදු එකඟතාවකි. ස්ථාවරත්වය හා සමෘද්ධිය ඉටු කිරීමට, නිදහස් හා සාධාරණ වෙළඳාම පවත්වා ගනිමින් බහුපාර්ශ්විකත්වය හා කලාපීය සහයෝගිතාව ශක්තිමත් කළ යුතු බවට ද ඔවුහු අදහස් පළ කළහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම