ආනයනික පළමු බිත්තර තොගය වෙළඳ පොළට
2023-03-31 14:40:48
Share with:

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය ඊයේ (30) වෙළඳ පොළට නිකුත් කෙරිණ.

මෙරට බේකරි නිෂ්පාදකයින් අතර මෙම බිත්තර තොගය බෙදාහැරීම සිදු කළ අතර බිත්තර ලක්ෂ 10 ක් එකක් රුපියල්  35/= ක මිලකට බේකරි හිමියන්ට ලබා දී තිබේ.

මෙම බිත්තර තොගය මෙරට අදාළ සියළුම රජයේ ආයතනවල අනුමැතියන්ට යටත්ව ගෙනවා තිබෙන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙම බිත්තර වල නිෂ්පාදිත දිනය 2023/03/18 දිනය ලෙස සටහන් අතර කල් ඉකුත් වන දිනය ජුනි 15 ලෙස දැක්වේ. ඉදිරියේදී මෙරට බේකරි, හෝටල් හා ආපන ශාලා සඳහා බිත්තර ආනයනය කරන බවද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම