වං යී මහතා සහ ඇමරිකා-චීන සබඳතාවේ ජාතික සභාවේ සභාපති අතර හමුවක්
2023-03-31 19:13:52
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා ඇමරිකා-චීන සබඳතාවේ ජාතික සභාවේ සභාපති Stephen Orlins මහතා හමුවෙයි.

එම හමුව අද (31) චීනයේ බෙයිජිං හිදී සිදු විය. චීන-ඇමරිකා සබඳතාව යහපත් කිරීමට අපේක්ෂා කළහොත්, ඇමරිකාව දෙරටේ නායකයන් බාලි දූපතේ හමුවීමේදී ලබා ගත් පොදු එකඟතාවන් සැබවින්ම ක්‍රියාවට නැවිය යුතු බවත් චීනය කෙරෙහි ප්‍රායෝගික හා තාර්කික ප්‍රතිපත්ති යළි ක්‍රියාත්මක කළ යුතු බවත් වං යී මහතා පැවසීය. 

චීන තායිවාන ප්‍රශ්නය කෙරෙහි චීනය දරන ස්ථාවරය යළි පැහැදිලි කරමින් වං යී මහතා ප්‍රකාශ කළේ ඇමරිකාව සිය ප්‍රතිඥාව අනුගමනය කළ යුතු බවත් සැබෑ ක්‍රියාවන් මගින් චීන -ඇමරිකා සබඳතාවේ දේශපාලන පදනම සහතික කළ යුතු බවත්ය.

දෙරටේ අදහස් හුවමාරු හා පුද්ගල හුවමාරුව පෙළඹවීමෙහි අඛණ්ඩව නියැළී සිටින චීන-ඇමරිකා සබඳතාවේ ජාතික සභාව දෙරට තවදුරටත් අන්‍යෝන්‍ය අවබෝධය ලබා ගැනීම ප්‍රවර්ධනය කරනු ඇති බවද එම සභාවේ සභාපති Stephen Orlins මහතා පවසා ඇත. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම