චීන අගමැති බෝඅඕ සංසදයේ ආරම්භක උත්සවය අමතයි
2023-03-31 15:24:02
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා බෝඅඕ ආසියා සංසදයේ ආරම්භක උත්සවය අමතයි.

චීනයේ හයිනන් පළාතේ ඊයේ (30) පැවති බෝඅඕ ආසියා සංසදයේ ආරම්භක උත්සවයට එක්වෙමින්  චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා තේමා දේශනය ඉදිරිපත් කළේය. 

සිංගප්පූරු අගමැති Lee Hsien Loong මහතා, ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez මහතා, මැලේසියානු අගමැති Anwar bin Ibrahim මහතා, කොට් ඩිවොයෙරේ අගමැති Patrick Achi මහතා, කසක්ස්ථානයේ හා මොංගෝලියාවේ නියෝජ්‍ය අගමැතිවරු හා ආර්ථීක සංවර්ධන අමාත්‍ය Chimed Khürelbaatar මහතා,  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය ඇතුළු රටවල් හා ප්‍රදේශ 50ක දේශපාලන, ව්‍යාපාරික හා බුද්ධි මණ්ඩල විද්වතුන් නියෝජිතයින් 1,500කට අධික පිරිස එම ආරම්භක උත්සවයට එක්වූහ.

වත්මන් අවිනිශ්චිත ලෝකය තුළ, චීනයේ ස්ථිරභාවය ලෝක සාමය සහ සංවර්ධනය සහතික කිරීමේ ප්‍රධානතම ශක්තියක් බව ලී ච්‍යං මහතා අවධාරණය කළේය. දිගුකාලීන ස්ථාවර සහ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන චීනය, නිර්භයව ඉදිරියට මෙහෙයවන චීනය, විශ්වාසයෙන්, විවෘතව සිටින චීනය හා පොදු ජයග්‍රහණ ලබා දීමට කැමැත්තෙන් සිටින චීනය ලෝක සමෘද්ධිය සහ ස්ථාවරත්වය සඳහා දැවැන්ත බලවේගයක් විය හැකිය. චීන ආර්ථික සංවර්ධන වේගය සහ ප්‍රවණතාව ශක්තිමත්ය. චීන ආර්ථිකය ඉදිරියට ගෙන යමින් ස්ථාවර ජයග්‍රහණ ලබා ගනිමින් ලෝක ආර්ථිකයේ සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා දීමට චීනයට හැකිවනු ඇතැයි චීන අගමැතිවරයා විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම