ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත ‘ඊනියා ප්‍රජාතාන්ත්‍රික සමුළුව’ පැවැත්වීමෙන් නිරාවරණය වෙයි
2023-03-31 17:20:19
Share with:

ඇමරිකාව විසින් සංවිධානය කරන ලද “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රධානීන්ගේ සමුළුව” පැවැත්වීමෙන් ඇමරිකාවේ කුහක දෙබිඩි පිළිවෙත වඩාත් පැහැදිලිව පෙන්නුම් කෙරෙන බව චීනය පවසයි. 

පසුගිය මාර්තු මස 29වනදා සිට 30වනදා දක්වා ඇමරිකාව “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රධානීන්ගේ සමුළුව” පැවැත්වීය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අදහස් පළ කළාය. එම සමුළුව මගින් ප්‍රජාතාන්ත්‍රික ප්‍රශ්නය කෙරෙහි ඇමරිකාව ක්‍රියාත්මක කරන කුහක දෙබිඩි පිළිවෙත හා එමඟින් සිදුවන හානිය පිළිබඳව ලෝකයට වඩා පැහැදිලිව පෙනෙන්නට ඇති බවද ඇය පැවසීය.

වත්මන් ලෝකයේ ගෝලීය ප්‍රශ්න හා තර්ජන අඛණ්ඩව මතු වෙමින් පවතී. ලෝකයට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නමින් බෙදුම්වාදය ඇති කිරීම නොවේ.ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කරමින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදහත්වීම නොවේ. ගැටුම් ඇති කරන ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රධානීන්ගේ සමුළුව”ලෝකයට අවශ්‍ය නොවන බවද Mao Ning මහත්මිය සඳහන් කළාය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම