චීන ජනපති ස්පාඤ්ඤ අගමැති හමු වෙයි
2023-03-31 19:42:03
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez මහතා හමු වේ.

එම හමුව අද(31) පස්වරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේ පැවැත්විණ.

ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය මගින්, චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය ප්‍රවර්ධනය කිරීමෙහි චීනය නියැළී සිටින බව චීන ජනාධිපතිවරයා එහිදී පැවසීය. මේ තුළදී ස්පාඤ්ඤය ඇතුළු ලෝකයේ විවිධ රටවල් වෙනුවෙන් වඩාත් පුළුල් වෙළඳපොල අවකාශය හා වඩාත් වැඩි සහයෝගතා අවස්ථා ලබා දීමට චීනය කැමැත්තෙන් සිටියි. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 50වැනි සංවත්සරය නව ආරම්භයක් ලෙස සලකා අන්‍යෝන්‍ය වාසී සහයෝගතාවලින් ප්‍රායෝගික ප්‍රතිඵල දිනා ගැනීම ප්‍රවර්ධනය කිරීමට ස්පාඤ්ඤය සමග එක්ව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා කියා සිටියේය.

ෂී ජින්පිං මහතාගේ උණුසුම් පිළිගැනීමට ස්තුතිවන්ත වන බව ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez මහතා ප්‍රකාශ කළේය. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනැගීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් සිය ප්‍රථම චීනයේ සංචාරය සිදු කිරීම ප්‍රසාදයට ලක් කරුණක් බව ද ඔහු කීය. ෂී ජින්පිං මහතා මාර්තු 10 වැනිදා චීන ජනාධිපති ධූරයට තේරී පත් වීම පිළිබඳව සුබ පතන බව ද ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම