ලොව හොඳම තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට ලංකාවෙන් නියෝජනයක්
2023-03-31 14:37:54
Share with:

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යා අංශයේ  අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා  ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද  විද්‍යාඥයන්)  හය දෙනා අතරට  තේරීපත් වෙයි.

මෙම තරුණ විද්‍යාඥයන් හය දෙනාගෙන් පස් දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර ලාංකික විද්‍යාඥයකු ඒ අතරට තේරී පත්වීම  විශේෂත්වයකි. චන්දිම ජීවන්දර මහතා  ලෝකයේ තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට තෝරා ගනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ  ප්‍රතිශක්තිකරණ  විද්‍යාඥයන්ගේ සංගමය විසිනි.

ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයන් ඇගයීම උදෙසා පවත්වනු ලබන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී ජීවන්දර මහතා  මෙම සම්මානය ලැබීමට නියමිතය.

සම්මාන උළෙල ලන්ඩන් නුවරදී  අප්‍රේල් මස  20 වැනිදා පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම