Tsai Ing-wen ඇමරිකාව හරහා සංචාරය කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය යළි පැහැදිලි කෙරේ
2023-03-31 17:10:38
Share with:

Tsai Ing-wen ඇමරිකාව හරහා සංචාරය කිරීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය යළි ස්ථාවරය පැහැදිලි කරයි.

කිසිඳු අයෙකුට ඕනෑම බලවේගයකට චීනයේ එක්සත්වීමට බාධා කළ‍ නොහැකි බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද(31) ප්‍රකාශ කළාය. 

ඇමරිකාව හා චීනයේ තායිවාන ප්‍රදේශය අතර ඕනෑම ආකාරයේ නිල ආශ්‍රයකට, තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින්, කිසිඳු හේතුවක් මත ඇමරිකාවේ සංචාරය කිරීමටත්, ඇමරිකාව එකම චීනය මූලධර්මය උල්ලංඝනය කර තායිවාන ප්‍රදේශයේ ඊනියා ‘පාලකයින්’ සමග ඕනෑම ආකාරයක සම්බන්ධකම් ඇතිකිරීමටත් චීන පාර්ශ්වය දැඩි ව විරුද්ධ වන බව මාඕ නිං මහත්මිය පැවසුවාය.

ඊනියා ‘තායිවාන පාලකයා’, ඇමරිකාව ‘හරහා සංචාරය කිරීම’, නිදහසට කරුණක් පමණක් බවත්, එහි සැබෑ අරමුණ වන්නේ බෙදුම්වාදී මෙහෙයුමට ඉඩක් සොයා ගැනීම බවත් සත්‍ය තුළින් පිළිබිඹු වී ඇත. එහෙත් තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයා කුමක් පැවසුවද, කුමක් සිදු කළද තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් යන සත්‍යය වෙනස් නොවන බව ද ඇය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම