චීනයේ Hong Tu අංක 1 පළමු චන්ද්‍රිකා සමූහය සාර්ථකව කක්ෂගත කෙරේ
2023-03-31 10:01:45
Share with:

චීනයේ Hong Tu අංක 1 පළමු චන්ද්‍රිකා සමූහය සාර්ථකව කක්ෂ ගත කෙරේ. ඊයේ(30) සවස 18:50ට, Taiyuan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට, Long March 2D වාහන රොකටුවෙන්, උඩු ගුවනට යැවුණු එම චන්ද්‍රිකා සමූහය නියමිත කක්ෂයට ප්‍රවේශවීමත් සමග මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථකවිය

Hong Tu අංක 1 පළමු චන්ද්‍රිකා සමූහය කෘත්‍රිම විවර රේඩාර් දුරස්ථ සංවේදක චන්ද්‍රිකා හතරකින් සමන්විත වේ. චන්ද්‍රිකා සමූහය කක්ෂයට ප්‍රවේශ වීමෙන් පසු, එය ලොව ප්‍රථම වරට රෝද ව්‍යුහාකාර සැකැස්මක් ආකාරයෙන් ක්‍රියා කරනු ඇත.

Hong Tu අංක 1 පළමු චන්ද්‍රිකා සමූහයට පැය විසිහතර පුරාවට පෘථිවිය නිරීක්ෂණය කළ හැකි අතර, ඊට වාණිජ දුරස්ථ සංවේදක දත්ත සේවා සැපයීමේ හැකියාව ද පවතී.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම