බ්‍රිතාන්‍යය අන්තර් ශාන්තිකර කලාපීය විස්තීර්ණ හා ප්‍රවර්ධන හවුල්කාරී ගිවිසුමට එක්වෙයි
2023-03-31 09:44:09
Share with:

අන්තර් ශාන්තිකර කලාපීය විස්තීර්ණ හා ප්‍රවර්ධන හවුල්කාරී ගිවිසුම හෙවත් CPTPP ගිවිසුමට එක් වීම සඳහා බ්‍රිතාන්‍යයට අනුමැතිය හිමි වේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Rishi Sunak මහතා අද(31) ප්‍රකාශ කළේ CPTPP ගිවිසුමට එක් වීමේ අනුමැතිය බ්‍රිතාන්‍යය ලබා ගෙන ඇති බවයි. CPTPP ගිවිසුමේ ආරම්භක සාමාජික රටවල් 11 හැර සෙසු රටක් එකතුවන ප්‍රථම අවස්ථාව මෙයයි. එමෙන්ම බ්‍රිතාන්‍යය CPTPP ගිවිසුමට එක් වන ප්‍රථම යුරෝපා රටද වෙයි. යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු බ්‍රිතාන්‍යය එක්වන විශාලතම වෙළඳ ගිවිසුම මෙය ය. මෙම තීරණයත් සමග CPTPP ගිවිසුමේ සාමාජික රටවල දළ දේශීය නිෂ්පාදිතයන් ගෝලීය අගයෙන් ගන්නා අනුපාතය සියයට 12ක් සිට 15ක් දක්වා වැඩි වන බව බ්‍රිතාන්‍ය රජය පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම