‘චීන ස්පාඤ්ඤ සංස්කෘතික චාරිකා ක්‍රියාකාරකම’ඇරඹේ
2023-03-30 19:41:44
Share with:

‘චීන ස්පාඤ්ඤ සංස්කෘතික චාරිකා ක්‍රියාකාරකම’ ඇරඹේ.

චීන මාධ්‍ය සමූහය හා ස්පාඤ්ඤ සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යංශය ඒකාබද්ධව පවත්වන ලද එම ක්‍රියාකාරකමේ ආරම්භක උළෙල මාර්ගගත ව අද(30) පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයිෂියොන්ග් මහතා, ස්පාඤ්ඤ සංස්කෘතික හා ක්‍රීඩා ඇමති Miquel Iceta මහතා සහ දෙරටේ තානාපතිවරු එම අවස්ථාවට එක් වූහ.

චීනය හා ස්පාඤ්ඤය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ගොඩනැගීමේ 50 වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබෙන බව ශෙන් හයිෂියොන්ග් මහතා එහිදී කියා සිටියේය. චීන ස්පාඤ්ඤ සහයෝගතාවේ දිගු ඉතිහාසය, ස්ථාවරත්වය හා විවිධත්වය, දෙරටේ නවීකරණ සංවර්ධනය හා විවෘතභාවයට නොනවතින අභිප්‍රේරණයක් සපයා දී තිබෙන බව ද ඔහු කීය.

මෙවර ක්‍රියාකාරකම මගින් චීනයේදී තම රටේ සංස්කෘතිය විදහා පෑමට මෙන්ම, චීන සංස්කෘතිය පිළිබඳ ස්පාඤ්ඤ ජනතාවගේ අවබෝධය වැඩිදියුණු කිරීමටත් ඉඩ ලබා දිය හැකි යැයි අපේක්ෂා කරන බව ස්පාඤ්ඤ සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම