විද්‍යුත් වාහන ආනයනයට ප්‍රමුඛතාව
2023-03-30 17:11:28
Share with:

හැකි සෑම අවස්ථාවකම රජය විද්‍යුත් වාහන පමණක් ආනයනය කිරීමට අවසර ලබා දීමේ ස්ථාවරයක සිටින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව මෙම වසරේ අගෝස්තු මාසය දක්වා දීර්ඝ කර ඇත. පෞද්ගලික වශයෙන් රටට ඩොලර් රැගෙන එන සෙසු පුද්ගලයින්ට ද විද්‍යුත් වාහන ආයනය බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

රජය පුනර්ජනනීය බලශක්තියට සහ හරිත බලශක්තියට පිවිසීමේ දැඩි අධිෂ්ඨානයකින් සිටින බවත් හැකි සෑම අවස්ථාවක ම විද්‍යුත් වාහන පමණක් ආනයනය කිරීමට අවසර ලබා දීමේ ස්ථාවරයක රජය සිටින බවත් මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම