රුසියාව සහ යුක්රේනය අතර ගැටුම අවසන් කිරීමට ඇති ප්‍රධානතම බාධාව ඇමරිකාව බව ඉරාන උත්තරීතර නායකයා පවසයි
2023-03-30 10:16:12
Share with:

ඉරාන‍ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි මහතා රුසියාව සහ යුක්රේනය අතර ගැටුම ඇති කිරීම සහ ගැටුමේ දී සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සම්බන්ධ ඇමරිකාවේ ක්‍රියාකලාපය හෙළා දුටුවේය. ඇමරිකානු රජය යුක්රේන ජනතාවගේ ආරක්ෂාව නොසලකා හරිමින් ගැටුමෙන් තමන්ගේ හමුදා ව්‍යවසායන් සඳහා පමණක් ප්‍රතිලාභ අපේක්ෂා කරන බවත්, රුසියා-යුක්රේන ගැටුම අවසන් කිරීමට ඇති ප්‍රධානතම බාධාව ඇමරිකාව බවත් ඔහු පෙන්වා දුන්නේය.

නේටෝ සංවිධානය නැගෙනහිරට ව්‍යාප්ත වීමට ඉඩ සැලසීම සඳහා ඇමරිකාව විසින්ම යුක්රේන යුද්ධය නිර්මාණය කළ බව අයතුල්ලා අල් කමේනි මහතා විශ්වාස කරයි. ඇමරිකාවේ සිය අවශ්‍යතා උපරිම කර ගැනීම සඳහා මෙම ගැටුම භාවිත කරන බවත්, ඇමරිකාවේ අවි ආයුධ කර්මාන්ත එමගින් ප්‍රතිලාභ ලබන බවත්, එබැවින් යුක්රේන අර්බුදය අවසන් කිරීමට ඇමරිකාවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම