චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා බෝඅඕ ආසියා සංසදයේ සභාව අතර හමුවක්
2023-03-30 15:04:30
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා බෝඅඕ ආසියා සංසදයේ සභාපති Ban Ki-moon මහතා හා සභාවේ සාමාජිකයන් හමුවෙයි.

වර්තමානයේ චීන ආර්ථිකය ස්ථාවර ලෙස ඉහල නැංවීමේ ප්‍රවණතාවක් දැක ගත හැකි බව ලී ච්‍යං මහතා ඊයේ (29) එම හමුවේදී පැවසීය. අදාළ සාර්ව ප්‍රතිපත්ති හරහා ආර්ථික වර්ධනය, රැකියා නියුක්තිය හා භාණ්ඩ මිල ස්ථාවර කෙරේ. ප්‍රතිසංස්කරණය සහ විවෘත කිරීම ශක්තිමත් කිරීමෙන් ව්‍යපාරික පරිසරය වැඩිදියුණු කරමින් උසස් මට්ටමේ සංවර්ධනය ප්‍රවර්ධනය කරන බව හෙතෙම කීය.

බෝඅඕ ආසියා සංසදය හරහා, ආසියාව හා ලෝකය අතර හුවමාරුව ශක්තිමත් වන බවත්, ‍ලෝක පාලනය ගවේෂණය කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනගන “බෝඅඕ යෝජනාව” ප්‍රවර්ධනය කෙරෙනු ඇති බවත්  ලී ච්‍යං මහතා අපේක්ෂා පළ කරයි.

චීනය සමඟ සහයෝගයෙන් ලෝක අභියෝගයන්ට මුහුණ දෙමින්, ජාත්‍යන්තර තත්ත්වයේ අවිනිශ්චිතතාවය පොදු සංවර්ධන අවස්ථාව බවට පත් කිරීමට කැමැත්තෙන් සිටින බව එම සභාවේ සාමාජිකයෝ එහිදී අදහස් දැක්වූහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම