ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා ඇරඹේ
2023-03-30 17:13:01
Share with:

ලබන වසරේදී (2024) අත්සන් තැබීමට යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම(SLTFTA) පිළිබඳ සිව්වැනි සාකච්ඡා වටය කොළඹදී ආරම්භ කෙරිණ. 

විශාල සහ නැඟී එන ආර්ථිකයන්ගෙන් සමන්විත අග්නිදිග ආසියා ජාතීන්ගේ සංගමයට අයත් රටවල් සමඟ ආර්ථික සබඳතා වැඩිදියුණු කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවට අනුව මෙම සාකච්ඡා අරඹා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අපනයන සඳහා තායිලන්ත වෙළෙඳපොළ ප්‍රවේශය වැඩි කිරීම පමණක් නොව එම වෙළෙඳපොළ හරහා අනෙකුත් ආසියා රටවල වෙළෙඳ පොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම මෙන්ම, දැනට පවතින තීරුබදු නොවන බාධක අවම කිරීම, ශ්‍රී ලංකා පාර්ශ්වයේ සාකච්ඡා වල අරමුණයි.  

මෙම 4 වන සාකච්ඡා වටය සඳහා සහභාගී වීමට තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් මහත්මිය ප්‍රමුඛ තායිලන්ත නිලධාරීහු 35 දෙනෙකුගෙන් යුත් දූත පිරිස මෙරටට මාර්තු 26 වැනිදා පැමිණියහ.





ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම