ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් සහ ත්‍රීවීල් ගාස්තු පහළට
2023-03-30 17:12:20
Share with:

29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු.60කින් පහළ දමා තිබේ. එහි නව මිල රු.340කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු.135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු.375කි. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.80කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇත. භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා තිබේ. 

ඉන්දන ගාස්තු අඩු වීම හේතුවෙන් බස් ගාස්තුව සියයට 12.09 කින් පහත දමා ඇත. එම බස්ගාස්තු සංශෝධනය සියලුම බස් රථවලට අදාල වන බව ද ප්‍රවාහන අමාත්‍යංශය කියා සිටී.  

ත්‍රිරෝද ගාස්තුව ද රුපියල් විස්සකින් 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව පළමු කිලෝ මීටරය රුපියල් සීයක් ලෙස එලෙසම පවතින අතර, දෙවන කිලෝ මීටරය රුපියල් අසූව බැගින් ගණනය වේ. ගාස්තු අඩු වීම මුළු රටේම ක්‍රියාත්මක වන බවද සංගමය වැඩිදුරටත් කියා සිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම