එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල මගින් ඊට සම්බන්ධ රටවලට වැඩි සංවර්ධන අවස්ථා
2023-03-30 09:57:09
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල මගින් ඊට සම්බන්ධ රටවලට සංවර්ධන අවස්ථා නිර්මාණය කෙරේ.

බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුවට සමගාමීව එක් තීරයක් එක් මාවතක් සංවර්ධන අවස්ථා පොදු භාවිතය මැයෙන් උප සාකච්ඡා සභාවක් පසුගිය 28 වනදා පැවැත්විණ. එහිදී එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමෙන් පසු ගතවූ වසර 10 තුළ අත්කර ගත් ප්‍රතිඵල, අනාගත සංවර්ධනය ඇතුළු තේමා පිළිබඳව සාකච්ඡා කෙරිණ. අදාළ රටවල් හා ප්‍රදේශ වල අධික ගුණාත්මත භාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් ඊට සහභාගීවූවෝ සිය අදහස් පළ කළහ.

2022 වසර අග වනවිට චීන සමාගම් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සම්බන්ධ රටවල ආර්ථික හා වෙළඳ සහයෝගිතා කලාප වල ඇමරිකානු ඩොලර් බිලියන 57.13ක් ආයෝජනය කර තිබේ. ඉන් අදාළ රටවල රැකියා ලක්ෂ 4.21ක් නිර්මාණය වී තිබේ.

පාකිස්ථාන සැලසුම්, සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති ඇමති Ahsan Iqbal Chaudhary මහතා එහිදී පැවසුවේ කාර්මීකරණය හා නව තාක්ෂණය අතින් පාකිස්ථානය දැවැන්ත මූල්‍ය හිඟයට මුහුණ දෙන බවයි. 2013 වසරේ පාකිස්ථානයේ විදුලි බල සැපයුමේ දැඩි හිඟයක් පැවතිණ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල මගින් සිදු කෙරුණු පාකිස්ථාන බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන හරහා එරට විදුලි අර්බුදය සමනය කර තිබේ. චීනය ඉදිරිපත් කළ පොදු භාවිතය යන සංකල්පය, සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සිය සාර්ථක අත්දැකීම් බෙදා ගැනීමේ සැබෑ කේන්ද්‍රය බව හෙතෙම කීය.

යුරෝපයේ ප්‍රසිද්ධ බුද්ධි මණ්ඩලයක් වන The European House-Ambrosetti අධ්‍යක්ෂ Paolo Borzatta මහතා එහිදී පැවසුවේ විවිධ රටවලට සමෘද්ධිය හා සංවර්ධනය ගෙන ඒම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ කැපී පෙනෙ‍න දායකත්වයන් ගෙන් එකක් බවට පත්ව තිබෙන බවයි. එක් තීරයක් එක් මාවතක් මගින් විවිධ රටවල්, ආසියාව හා චීනය සමග තදින් බැ‍‍ඳෙමින් ගෝලීයකරණ වර්ධනයට ගාමක බලවේගයක් වී ඇතැයි Paolo Borzatta මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම