රටේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම විටෙක චීන හමුදාව පියවර ගනු ඇත
2023-03-30 19:38:50
Share with:

ජාතික ස්වාධිපත්‍යය හා සාගර අයිතිවාසිකම් ස්ථිරව සුරක්ෂිත කිරීමට චීන යුද හමුදාව අත්‍යවශ්‍ය පියවර ගන්නා බව චීනය පවසයි.

මෑතකදී නැගෙනහිර චීන මුහුද හා දකුණු චීන මුහුද යන ප්‍රදේශවල චීන යුද හමුදා ක්‍රියාකාරකම් පැවැත්වීම කෙරෙහි පිලිපීනයේ හා ජපානයේ විදේශ අමාත්‍යවරුන් හා ජාතිකාරක්ෂක අමාත්‍යවරුන් කණස්සල්ල පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක Tan Kefei මහතා අද (30) මේ අදහස් පළ කළේය.

රටවල් අතර සහයෝගිතාව ප්‍රාදේශීය සාමය හා ස්ථාවරත්වයට හේතු විය යුතු බවත් එය තුන්වන පාර්ශ්වයන්ට එරෙහි නොවිය යුතු අතර තුන්වන පාර්ශ්වයන්ගේ ප්‍රතිලාභයන්ට හානි නොකළ යුතුය. චීනය සෑම විටම එම මූලධර්මය අනුගමනය කරයි. දිගු කාලීනව ඇතැම් රටවල් සීතල යුධ චින්තනය සහ එදිරිවාදිකම් සංකල්පය මත ඊනියා "චීන බලහත්කාරකම" සහ "චීන යුධ තර්ජනය" භාවිත කරමින් තම හමුදා බලය ව්‍යාප්ත කර ඇත. චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බව Tan Kefei මහතා පැවසීය.

Diaoyu දූපත හා දකුණු චීන මුහුද යන ප්‍රශ්නවලදී ඇතැම් රටවල ප්‍රකෝපකාරී ක්‍රියා චීනයේ නීත්‍ය අයිතිවාසිකම් උල්ලංඝනයට සහ තර්ජනයට හේතුවක් බැවින් චීන ජාතික ස්වාධිපත්‍යය හා සාගර අයිතිවාසිකම් ස්ථිරව සුරක්ෂිත කිරීම සඳහා චීන යුද හමුදාව අත්‍යවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම පවසා ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම