චීන අනන්‍යතාව සපිරි නවීකරණය ලෝක සංවර්ධනයට නව ප්‍රවේශයක්
2023-03-30 10:46:17
Share with:

චීන අනන්‍යතාව සපිරි නවීකරණය ලොවට නව සංවර්ධන ප්‍රවේශයක් ‍ රැගෙන එන බව, බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුවට සමගාමීව "චීන අනන්‍යතාවෙන් යුත් නවීකරණය" යන උප සංවාදයට එක්වූ ආරාධිතයෝ පවසති. එය ඊයේ (29) පැවත්විණ.

චීන අනන්‍යතාව සපිරි නවීකරණය යන සංකල්පය එළිදැක්වීම ආත්ම විශ්වාසය පිළිබිඹු කිරීමක් ලෙසට සැලකිය හැකි බව ඔවුන්ගේ අදහසයි. එනම්, චීනය අනුගමනය කරන මාවත නිවැරදි බවත්, මෙම නිවැරදි මාවතේ නොනැවතී ගමන් කළ යුතු බවත් එහිදී සඳහන් කෙරිණ. තම නවීකරණ ගමනේ දී, චීනය සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ආර්ථිකය වැඩිදියුණු කිරීමට සහාය වෙමින් කලාපීය ස්ථාවරත්වය පවත්වාගැනීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇතැයි ද ඔවුහු අවධාරණය කළහ.

චීනයේ නැගීසිටීම තර්ජනයකට වඩා අවස්ථාවක් ලෙස සැලකිය යුතු බවත්, චීනය යනු කලාපීය ස්ථාවර සබඳතාවේ නැංගුරමක් බවත් බෝඅඕ ආසියා සංසදයේ පාලක මණ්ඩල සාමාජිකා, පිලිපීනයේ හිටපු ජනාධිපතිනි Gloria Macapagal Arroyo මහත්මිය එහිදී පෙන්වා දුන්නාය.

චීන අනන්‍යතාව සපිරි නවීකරණයෙන් ලැබෙන සාර්ථක පරිචය සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට තමන්ට ගැලපෙන සංවර්ධන මාවතක් සොයා ගැනීමට උපකාරී වී ඇති අතර, එය නවීකරණය සඳහා චීන නියැඳියක් බව ද සංවාදයට එක් වූ සම්භාවනීය පිරිස පැවසූහ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම