චීනය විදේශ රටවලට ලබා දුන් ණය සම්බන්ධයෙන් ඇමරිකාවේ චෝදනා පදනම් විරහිතයි
2023-03-30 18:21:24
Share with:

චීනය විදේශ රටවලට ලබා දුන් ණය පිළිබඳව ඇමරිකානු මුදල් ඇමතිනිය සිදු කළ අහේතුක චෝදනා පිළි නොගන්නා බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.

ඇමරිකාව, සෙසු රටවලට අහේතුකව චෝදනා නොකොට, ප්‍රායෝගිකව සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීමට කටයුතු කළ යුතු බව ද ඇය කියා සිටියි.

චීනය සැම විටම විවෘත, විනිවිද මූලධර්මයට අනුකූලව සංවර්ධනය වෙමින් පවතින රටවල්හි මුදල් එක්රැස් කිරීම හා ආයෝජන පිළිබඳ සහයෝගතා පවත්වයි. එබඳු සහයෝගතාවට කිසිදු දේශපාලන කොන්දේසියක් පණවා නොමැති අතර දේශපාලන වාසී හඹා යාම එහි අරමුණ නොවන බව ඇය පැවසුවාය. සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පීඩනය අඩු කිරීමට තැත් කරන චීනය, ජී20 කණ්ඩායමේ ණය ලිහිල් කිරීමේ මුලපිරුමට වැඩිම දායකත්වයක් ලබා දුන් රටය.

සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අතරින් සියයට 80කට වඩා වැඩි කොටසේ හිමිකරුවන්, බහුපාර්ශ්වික මූල්‍ය ආයතන හා වාණිජ ණය හිමිකරුවන් බව ලෝක බැංකුවේ සංඛ්‍යාලේඛන තුළින් පැහැදිලි වී තිබේ. පසුගිය වසරේ සිට ඇමරිකාව පෙර නොවූ විරූ ආකාරයට පොලී අනුපාතය ඉහල දැමීම බොහෝ රටවල ණය පීඩනය වැඩිවීමට හේතු වූ බව ඇය පෙන්වා දුන්නාය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම