ඇමරිකාව මෙම වසරේ දී ආර්ථික පසුබෑමකට ලක්වනු ඇති බව ආර්ථීක විද්‍යාඥයෝ පිරිසක් පවසති
2023-03-30 09:00:43
Share with:

ඇමරිකාව මෙම වසරේ දී ආර්ථික පසුබෑමකට ලක්වනු ඇති බවත් 2024 දක්වා ඉහළ උද්ධමනයකට මුහුණ දෙනු ඇති බවත් ආර්ථික විද්‍යඥයෝ අපේක්ෂා කරති. ව්‍යාපාර ආර්ථිකයන් සඳහා වන ජාතික සංගමයේ සමීක්ෂණයකට එක්වූ ආර්ථික විද්‍යාඥයන් ගෙන් තුනේ දෙකකට වැඩි පිරිසක් පවසා ඇත්තේ මෙම වසර අවසානයේ දී උද්ධමනය තවදුරටත් සියයට 4 කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි. උද්ධමනය ඉහළයාම පාලනයට පොලී අනුපාත සියයට 4.75ක් දක්වා ඉහළ නැංවීමට ඇමරිකානු ෆෙඩරල් සංචිතය තීරණය කර තිබේ. එය දශකයකින් පසු වාර්තා වූ ඉහළම පොලී අනුපාත වැඩිවීමය. පෙබරවාරි මාසයේ දී වාර්ෂික මිළ ඉහළයාම මන්දාගමී වෙමින් සියයට 6ක් බවට පත්විය. එහෙත් එම අගය ෆෙඩරල් සංචිතයේ දිගු කාලීන සියයට 2කේ ඉලක්කයට වඩා ‍බෙහෙවින් ඉහළ මට්ටමකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම