ඇමරිකාව එරට සරණාගතයින් කෙරෙහි මානුෂිකව කටයුතු කළ යුතුයි
2023-03-30 17:22:03
Share with:

ඇමරිකාව සරණාගතයන් හා සංක්‍රමණිකයන්ගේ ජීවන තත්ත්වය ස්ථිරව යහපත් කළ යුතු බව චීනය පවසයි.

ඇමරිකාවේ සරණාගතයන් හා සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සත්‍ය තොරතුරු චීන මාධ්‍ය මගින් නිකුත් කෙරිණ. එම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (30) මේ බව අදහස් පළ කළාය.

සිය රටේ සරණාගත හා සංක්‍රමණික ප්‍රශ්නවල පවතින දරුණු බව ඇමරිකාව බරපතල ලෙස විමසා බලා නිවැරදි කළ යුතු අතර ඔවුන්ගේ තත්ත්වය ඵලදායික ලෙස වැඩි දියුණු කළ යුතු බවද ඇය සඳහන් කළාය.

ඇමරිකාව සංක්‍රමණික රටකි.දේශපාලනය, ආර්ථීකය, සමාජය, සංස්කෘතිය හා තාක්ෂණය යන ක්ෂේත්‍රවල සංවර්ධනයට සංක්‍රමණිකයන්ගේ ඉමහත් දායකත්වයක් පවතින බව පොදුවේ පිළිගැනීමයි.එහෙත් ඇමරිකාවේ ඉතිහාසය සලකා බලන විට විවිධ සංක්‍රමණික පිරිස් වෙත ඇමරිකානු රජයේ දැඩි පිළිවෙත් ක්‍රියාත්මක  වී තිබේ. මෑත වසර කිහිපය තුළ සරණාගතයන්ට හා සංක්‍රමණිකයන්ට අමානුෂික ප්‍රහාරවලට විටින් විට මුහුණ දීමට සිදු ව ඇත. ඇමරිකාව සිය අධිපතිවාදී සහ හිරිහැර කිරීම් නතර කළ යුතු බවත් ලෝකයේ නව සරණාගත හා සංක්‍රමණ අර්බුදයක් ඇති කිරීම වැළැක්විය යුතු බවත් Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම