‘නව යුගයේ ෂී ජින්පිං මහතාගේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය’ අධ්‍යයනය කිරීමේ වැඩසටහනක්
2023-03-30 17:05:49
Share with:

සමස්ත පක්ෂය තුළ ‘නව යුගයේ ෂී ජින්පිං මහතාගේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය’ අධ්‍යයනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය තීරණය කරයි.

එම වැඩසටහන අප්‍රේල් මාසයේ සිට සමස්ත පක්ෂය කණ්ඩායම් දෙකකට බෙදා සිදු කිරීමට නියමිත බව අද(30) චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය පැවැත්වූ සමුළුව ප්‍රකාශ කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා එම සමුළුවේ මුලසුන දැරුවේය.

ෂී ජින්පිං මහතාගේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය අධ්‍යයනය කිරීමේ වැඩසටහන පැවැත්වීමේ අරමුණ වන්නේ, එම චින්තනයෙන් සමගි ජීවගුණය එක්රැස් කරමින් පක්ෂයේ 20 වැනි ජාතික ‍කොංග්‍රසයේ චින්තනය ක්‍රියාවට නැවීම බව සමුළුව පෙන්වා දෙයි.

නව සංවර්ධන සංකල්පය අනුගමනය කරමින්, නව සංවර්ධන ව්‍යුහය ගොඩනඟමින්, ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කරමින්, චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය ඉදිරියට ගෙන යාම පිළිබඳව එම වැඩසටහන අවධානය යොමු කරනු ඇත. පක්ෂය තුළ ස්වයං විප්ලවයක් සිදු කරමින්, සෑම විටම දැවැන්ත පක්ෂයකට ආවේණික ගැටළු නිරාකරණය කිරීම පිළිබඳ පැහැදිලි අවබෝධයකින් සිටිය යුතු බවත් හැම විටම ජනතාව සමග එක්සිත්ව කටයුතු කළ යුතු බවත් අද සමුළුව අවධාරණය කර ඇත.  

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම