වසරේ සංවර්ධන ඉලක්ක ඉටු කිරීමට චීනයට විශ්වාසය හා හැකියාව සතු වන බව චීන අගමැති පවසයි
2023-03-29 20:17:13
Share with:

මෙම වසරේ නියමිත සංවර්ධන ඉලක්ක ඉටු කිරීමට චීනයට විශ්වාසය මෙන්ම හැකියාව ද සතු වන බව චීන අගමැති ලී ච්‍යං මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ අද(29) චීනයේ හයිනන් පළාතේ බෝආඕහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය හමු වූ අවස්ථාවේදීය.

චීනය සාර්ව ප්‍රතිපත්තිමය සැකසීම ශක්තිමත් කරමින් පරිභෝජන හා ආයෝජන ධාරිතාව පුළුල් කර ගැනීමට පියවර ගන්නා බවත්, විවෘතභාවය ස්ථිරව ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් ස්ථාවර ලෙස අවදානම් නිරාකරණය කිරීමට උත්සාහ ගන්නා බවත් ඔහු විස්තර කළේය.

මෙම වසරේ චීනය ලෝක ආර්ථිකයට සිදු කළ දායකත්වය තුනෙන් එකකට අධික යැයි ඇස්තමේන්තු වී තිබෙන බව Kristalina Georgieva මහත්මිය එහිදී පැවසුවාය. චීනය බහුපාර්ශ්විකවාදයෙහි එල්බ සිටින අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අර්බුද වැළැක්වීමටත් වැදගත් මෙහෙවරක් ඉටු කර ඇතැයි තම ආයතනයේ පැසසුමට ලක් වූ බව ද ඇය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම