චීනයේ තායිවාන ප්‍රදේශය සම්බන්ධ ඇමරිකානු ක්‍රියාකලාපය ජාත්‍යන්තර සම්මතයන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්
2023-03-29 15:47:03
Share with:

ඇමරිකානු කොංග්‍රසයේ ඇතැම් පුද්ගලයන් විසින් ප්‍රවර්ධනය කරන ලද චීනයේ තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ පනත ජගත් ප්‍රජාවේ පොදු එකඟතාවන් හා ප්‍රමිතීන් දැඩිව උල්ලංඝනය කරන බව චීනය පවසයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය අද(29) මාධ්‍ය හමුවීමක් පැවැත්වීය.මෑතකදී තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ අවධානයට ලක්වූ ප්‍රශ්න පිළිබඳව එහි ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී තිබේ.

පසුගිය දා ඊනියා “තායිවාන සහතික ක්‍රියාත්මක කිරීමේ පනත” ඇමරිකානු ෆෙඩරල් මහජන මණ්ඩලය අනුමත කරමින් ඇමරිකාව හා චීන තායිවාන ප්‍රදේශය අතර හුවමාරු කිරීමේ සීමාව ඉවත් කරන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් Zhu Fenglian මහත්මිය කියා සිටියේ ලෝකයේ ඇත්තේ එකම චීනය පමණක් වන අතර තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් බවයි. ඇමරිකානු කොංග්‍රසයේ ඇතැම් පුද්ගලයින්  ප්‍රවර්ධනය කරන එම ප්‍රදේශය හා සම්බන්ධ පනත ජගත් ප්‍රජාවේ පොදු එකඟතාව හා ජාත්‍යන්තර සබඳතාවේ ප්‍රමිතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර එය චීනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට තර්ජනයකි.එකම චීනය පිළිබඳ මූලධර්මය සහ ‘චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශන තුන’ ස්ථීරව අනුගමනය කරන ලෙස චීනය ඇමරිකානු කොංග්‍රසයෙන් ඉල්ලා සිටී. "තායිවාන බෙදුම්වාදීන්ට සහය නොදීම” පිළිබඳ ඇමරිකානු රජය ලබා දුන් ප්‍රතිඥා ක්‍රියාත්මක කරමින් අදාළ පනත සාකච්ඡා කිරීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කළ බව ද ඇය සඳහන් කළාය. 


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම