ඇමරිකාව හා චීනයේ තායිවාන ප්‍රදේශය අතර ඕනෑම ආකාරයේ නිල හුවමාරුවකට චීනය ස්ථිරව විරුද්ධයි
2023-03-29 18:10:01
Share with:

ඇමරිකාව හා චීනයේ තායිවාන ප්‍රදේශය අතර ඕනෑම ආකාරයේ නිල හුවමාරුවකට චීනය ස්ථිරව විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ අද(29) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය. තායිවාන ප්‍රදේශයේ ‘පාලකයින්’ කිසිඳු හේතුවක් මත ඇමරිකාවේ සංචාරය කිරීමට ස්ථිරව විරුද්ධ වන අතර, ඇමරිකාව විසින් එකම චීනය මූලධර්මයට පටහැනිව හැසිරීමටත් චීනය විරුද්ධ වන බව ඇය ප්‍රකාශ කළාය.  තායිවාන ප්‍රදේශයේ ‘පාලකයා’ ඇමරිකාව හරහා සෙසු රටවල් වෙත යාම පිළිබඳ ප්‍රකාශය, තායිවාන බෙදුම්වාදය ප්‍රචාරය කිරීමට, නිදහසට කරුණු දැක්වීමක් පමණක් බව ඇය පෙන්වා දෙයි. ඇමරිකාව තායිවාන ප්‍රදේශය සමග සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීම නතර කර, එකම චීනය මූලධර්මයේ අන්තර්ගතය ශූන්‍ය කිරීමට උත්සාහ නොකරන්නැයි චීනය ඉල්ලීමක් කර ඇත. චීනය අදාල තත්ත්වය කෙරේ සමීප අවධානයකින් පසු වන අතර රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්තාව ස්ථිරව ආරක්ෂා කරන බව ද ඇය අවධාරණය කළාය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම