රටවල් යටත් කිරීමේ ඇමරිකානු මෙහෙයුම
2023-03-29 09:17:09
Share with:

ජාත්‍යන්තර සාමය දැඩි අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක සහයෝගතාවයට, සාමයට, අන් රටවල ස්වාධිපත්‍යයට ගරු කිරීමෙන් තොරව ඇමරිකාවේ ක්‍රියාකලාපය කිසිසේත්ම ආදර්ශවත් නොවන බව පැහැදිලිව දක්නට තිබේ. ආර්ථික උද්ධමනයෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක ඇමරිකාව යුධ හා ආරක්ෂක වියදම් කෙරෙහි දක්වන ප්‍රතිචාර මෙන්ම චීනයට එරෙහිව ක්‍රියාත්මක කරන දැඩි ද්වේශ සහගත චෝදනා ගෝලීය සමෘද්ධිය ප්‍රබල පසුබෑමකට ලක් කිරීමක් බව ප්‍රවීණ මාධ්‍යවේදී නුවන් ජූඩ් මහතා පැවසීය.

වසර 40කට පසුව ඇමරිකාවේ දැවැන්තම උද්ධමන වේගය හා ආර්ථික අවපාතය 2023 වසරේ මුල් කාර්තුවේ සිට ඉහළ ගොස්‌ ඇමරිකාවේ ආර්ථිකය බරපතල ණය ගෙවීමකට හා ණය ලබා ගැනීමේ අර්බුදයකට අවතීර්ණ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පසුගියදා වාර්තා කොට තිබේ. ඇමරිකාව දැවැන්ත ගෙවීම් අර්බුදයක සිර වී ඇතැයි පවසනුයේ චීනය නොව ඇමරිකානු මහා භාණ්ඩාගාරයේ ලේකම් Janet Yellen විසිනි. එම හෙළිදරව්ව සමස්ත මුල්‍ය ලෝකයම තිගැස්සීමකට ලක් කරනු ලැබුවේ මෙම අර්බුදය ලෝක ආර්ථිකය කඩා වැටීමකට ලක් විය හැකි බවටද ඇය විසින් අනතුරු ඇඟවීම නිසාවෙනි. මෙවැනි තත්ත්වයක් තුළ ඇමරිකාව සිදු කළ යුතුව ඇත්තේ ලෝකයේ දෙවන ආර්ථිකය හිමි චීනයේ නැඟී සිටීමට හා ආර්ථික වර්ධනයට අකුල් හෙළමින් තම ආධිපත්‍ය රැක ගැනීමට උත්සාහ දැරීම නොව සහයෝගයෙන් කටයුතු කිරීමයි. නමුත් චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් තායිවාන ප්‍රශ්නයට අත පෙවීම, හොංකොං කෙරෙහි දක්වන ප්‍රතිචාර මෙන්ම චීනයේ කාලගුණික තොරතුරු සොයා බැලීමේ උන්නතාංශ බැලූනය කෙරෙහි දැක්වූ ප්‍රතිචාරය චීනයේ නැඟී සිටීමට එරෙහිව ප්‍රති‍රෝධයන් ව්‍යාප්ත කිරීමට දරණ ඇමරිකානු  අසාර්ථක උත්සාහයන් බව දක්නට ඇතැයි නුවන් ජූඩ් මහතා කියා සිටී.

විෂ රසායනික ප්‍රශ්නය, යුක්රේනයට යුධ ආධාර සැපයීමට එරෙහි ජනතා විරෝධතා ඇතුළු තම රට තුළ මේ වන විට උද්ගතව ඇති ප්‍රශ්න කෙරෙහි අවධානය වෙනතකට හැරවීමේ අරමුණින් චීනයට චෝදනා එල්ල කරන ඇමරිකාවේ යටි අරමුණ දැන් ලෝකයටම දෘශ්‍යමාන වන බව ප්‍රවීණ මාධ්‍යවේදී නුවන් ජූඩ් මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම