ප්‍රජාතන්ත්‍රවාදී රා‍මුවේ නොමැති රටක් එවැනි සමුළුවක ප්‍රධානත්වය දැරීම හාස්‍යට කරුණක්
2023-03-29 20:02:25
Share with:

මාර්තු මස 29වනදා සිට 30වනදා දක්වා ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රධානීන්ගේ සමුළුව’ දෙවැන්න ඇමරිකාවේ ප්‍රධානත්වයෙන්  පැවැත්වෙයි. ලෝක ආරාවුල් තත්ත්වයක් හමුවේ පැවැත්වෙන එම සමුළුව, ‘ප්‍රජාතන්ත්‍රවාදය’ මුවාවෙන් කණ්ඩායම් දේශපාලනය, කඳවුරු සතුරුකම හා නව නොසන්සුන්බව නිර්මාණය කිරීමට ඇමරිකාව ගන්නා තවත් උත්සාහයකි. එය පැවැත්වීම, ප්‍රජාතන්ත්‍රවාදී ජීවගුණය උල්ලංඝනය කිරීමකි. ලෝකයට එය අනවශ්‍යය.

‘ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක්, පෙරලා තමා ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රධානීන්ගේ සමුළුවේ’ප්‍රධානියා ලෙසට හඳුන්වනවා වැනිය.’ ‘ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රධානීන්ගේ සමුළුව, සීතල යුද්ධයෙන් අනතුරුව ඇමරිකාව ගෝලීය වශයෙන් අවුල්සහගතබවක් ඇති කිරීමට යොදා ගත් තවත් මෙවලමකි.’ වසර 2021 දෙසැම්බර් මාසයේ ඇමරිකාව ප්‍රථම ඊනියා ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රධානීන්ගේ සමුළුව’පවත්වද්දීම එය බොහෝ රටවල විවේචනයට ලක් වූයේ එලෙසයි.

ඒත්, විවේචනාත්මක කතා නොඇසෙන්නා සේ සිටින, ඇමරිකාව එසේ අනුප්‍රාප්තික රංගනයක් යළිත් සංවිධාන කර තිබේ. ඇමරිකාව ලෝකය එදිරිවාදී කණ්ඩායම් ලෙසට සිය කතාවෙන්ම බෙදා වෙන් නොකළ යුතු බව එරටේ ‘Quincy Institute for Responsible Statecraft’ සඟරාව මෑතකදී ලිපියක් පළ කරමින් පෙන්වා දී තිබේ.

මෙවර සමුළුව පැවැත්වීමේ අරමුණ, ලෝකය බෙදීම මිස, ලෝකය සමගි කරවීම නොවන බවත් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යන්න ඇමරිකාව විසින් තමාට සේවා සැපයෙන උපකරණයක් ලෙස යොදා ගැනෙන බවත් පකිස්තාන විද්වතෙක් ප්‍රකාශ කොට තිබේ.

ඇමරිකාව කුමන ආකාරයේ සළුවක් පැළඳ රංගනයේ යෙදුනද, ලෝකයට සිය අරමුණ සැඟවිය නොහැකිය. ඇමරිකාවේ ප්‍රමිතියට, මේ ලෝකය ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමක් හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන කණ්ඩායමක් බවට බෙදීම මෙවර සමුළුවේ ස්වභාවය බවටත්, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඇමරිකාවේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින් තම අරමුණට නොපෑහෙන රටවල් මර්දනය කිරීම එහි තවත් අරමුණක් බවටත් ලෝක වාසීන්ට පැහැදිලි කරුණකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම