ඇමරිකාවේ දෙවන "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නායක සමුළුව" හුදු මවාපෑමක් පමණකි
2023-03-29 13:31:06
Share with:

 

දෙවැනි "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නායක සමුළුව" ආරම්භ කිරීමට ඇමරිකාව සූදානමින් සිටී. මේ පිළිබඳව බටහිර සමාජ මාධ්‍යවල පැවති සාකච්ඡා කිහිපයේ, අවධානය යොමු ව ඇත්තේ රැස්වීමේ අන්තර්ගතය කෙරෙහි නොව, එය පිටුපස ඇති අරමුණ කෙරෙහි ය.

ඇමරිකානු රජය පවසන්නේ කොස්ටාරිකාව, නෙදර්ලන්තය, දකුණු කොරියාව සහ සැම්බියාව සමඟ එක්ව සමුළුව පවත්වන බවයි. නමුත් මෙම "සම අනුග්‍රාහකයන්" එවැනි කිසිවක් සිදු නොවන තරමටම බොහෝ දුරට නිහඬ ව සිටිනු දැකිය හැකිය.

2021 දී ඇමරිකාව විසින් පවත්වන ලද ප්‍රථම "ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව" රටවල් 20කට වැඩි සංඛ්‍යාවක් විසින් වර්ජනය කරන ලද අතර, මේ වන තෙක්ම එහි නිල ප්‍රතිඵල කිසිවක් නිකුත් කර නැත.

ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලු මනුෂ්‍ය වර්ගයාගේ පොදු වටිනාකමයි. ඇමරිකාව විසින් තම දෘෂ්ටිවාදී අරමුණු වෙනුවෙන්  සංවිධාන කෙරෙන ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව" සැබැවින්ම හවුල්කරුවන් එක්රැස් කර, බලය පුළුල් කිරීමේ මෙවලමකි. එහෙත්, ලෝකය ප්‍රතිවිරුද්ධ කඳවුරුවලට බෙදීම "මනුෂ්‍යත්වයේ අවසානය"  උදාකරන බව ජාත්‍යන්තර ප්‍රජාවගේ  විශ්වාසය යි.

චීනයේ සමකාලීන ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආයතනයේ, ඇමරිකානු අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ Wang Honggang පවසන්නේ ඇමරිකාව විසින් පවත්වනු ලබන "ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව"  කිසිදු සැබෑ පදනමක් නැති හුදු මවාපෑමක් පමණක් බව යි.ගැටුම් සහ භේද  වැපිරීම අරමුණු කරගත් මෙම "වංචනික සමුළුව" නිසැකවම අසාර්ථක වනු ඇත.

ගුවන් විදුලිය
20230603සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම