ඇමරිකාව සාධාරණ ව්‍යාපාරික පරිසරයක් සැපයිය යුතු බව චීනය පවසයි
2023-03-29 17:12:20
Share with:

ඇමරිකාව වෙනත් රටවල ව්‍යාපාරික සමාගම් අසාධාරණ ලෙස මර්දනය කිරීම නැවැත්විය යුතු බව චීනය පවසයි.

චීන සංවර්ධන සාකච්ඡා සභාව සඳහා බොහෝ විදේශ සමාගම්වල ප්‍රධානීහු මේ දිනවල චීනයට පැමිණ සිටිති. ඔවුන් චීන රජයේ හා ජනතාවගේ සාදර පිළි ගැනීමට ලක්ව තිබේ. එය, චීනයේ TikTok සමාගමට ඇමරිකාවෙන් එල්ල කරන ලද සතුරු ප්‍රතිචාරයන්ට ශක්තිමත් ප්‍රතිවිරෝධයක් වන බවට බොහෝ අය පළ කළ අදහස්වලට පිළිතුරු ලබා දෙන ලෙස අද(29) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබිණ.

2023 චීන සංවර්ධන සාකච්ඡා සභාව බො‍හෝ ධනාත්මක සංඥා නිකුත් කර තිබේ. චීනය ස්ථීරව විවෘත කිරීම අනුගමනය කරන අතර, විවිධ රටවලට වඩා පුළුල් හා යහපත් වෙළඳ පරිසරයක් ලබා දෙනු ඇති බව ඇය පැවසුවාය. ඇමරිකාව, අසාධාරණ ලෙස විදේශීය සමාගම් මර්දනය කිරීම නවතා, විවිධ රටවල සමාගම්වලට විවෘත, සාධාරණ ව්‍යාපාරික පරිසරයක් සැපයිය යුතු බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම