දෙමසක් ඇතුලත ලංකාව හරිත ආර්ථිකයට
2023-03-29 16:54:51
Share with:

ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක ඇතුලත හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගි වීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

මෙමගින් ආයෝජකයන්ට නෛතිකභාවයක් ලැබෙනවා මෙන්ම ඔවුන්ගේ පහසුකම් සපයා දීමට ආණ්ඩුව ද වගකීමකින් බැඳෙන බවත්, මෙය කෙටිකාලීන වැඩපිළිවෙළක් නොව, දිගුකාලීන වැඩපිළිවෙළක් බවද ජනාධිපතිවරයා කීය.

ඒ සඳහා නීතිමය රාමුවක් සකස් කිරීමට අවශ්‍ය වන අතර කඩිනමින් අවශ්‍ය නීති සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය .

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම