ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියාවට සහ බෙලරුසියාවට පැනවූ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවසයි
2023-03-29 09:36:30
Share with:

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියාවට සහ බෙලරුසියාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධයෙන් පැනවූ සම්බාධක අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවසයි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊයේ (28) සිය විධායක මණ්ඩල රැස්වීමේ දී මේ බව ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙහි දී යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර, රුසියානු හෝ බෙලරුසියානු විදේශ ගමන්බලපත්‍ර සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වත්මන් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වලට සහභාගී විය හැක්කේ ඔවුන්ගේ පුද්ගලික හැකියාවෙන් මධ්‍යස්ථ මලල ක්‍රීඩකයෙකු ලෙස පමණි.

මේ අතර රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරඟ සඳහා නැවත ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යෝජනා කර ඇති සීමාවන් පිළිගත නොහැකි බව රුසියානු ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම