පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර
2023-03-29 16:55:37
Share with:

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

වසර 2030 වනවිට සමස්ත විදුලිය අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීම, බලශක්ති සැපයුම සම්බන්ධයෙන් ස්වාධීන වීම සහ 2050 වසර වන විට කාබන් විමෝචන උදාසීන කළ තත්ත්වයකට පත්වීම, රජය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ව්‍යවසායයන් විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ස්ථානවල සූර්ය බලශක්තිය, වෙරළබඩ සුළං ඇතුළු සුළං භාවිතයෙන් බලශක්තිය උත්පාදනය හා ජෛව ස්කන්ධ ආශ්‍රීත බලශක්තිය උත්පාදන ව්‍යාපෘති සහ අනවරත සම්ප්‍රේශණ යටිතල පහසුකම් ඒකාබද්ධව සිදුකිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම