හොන්ඩියුරස් රාජ්‍යයේ පළමු චීන මාධ්‍ය ආයතනය විවෘත කෙරේ
2023-03-29 15:51:51
Share with:

චීන මාධ්‍ය සමූහයේ ටෙගුසිගල්පා මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කෙරේ. 

චීනය හා හොන්ඩියුරස් රාජ්‍යය පොදුවේ අනුමත කරන පළමු චීන මාධ්‍ය ආයතනය විවෘත කිරීමේ උත්සවය ඊයේ(28) එරට ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය විසින් ස්ථාපිත කරන ලද 191 වැනි විදේශ වාර්තාකරණ කාර්යාලය මෙයයි. 

එම උත්සවයේදී චීන මාධ්‍ය සමූහය හා හොන්ඩියුරස් ජාතික ගුවන් විදුලි හා රූපවාහිනී සංස්ථාව අතර සහයෝගතා හුවමාරු කිරීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණ. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමෙන් පසු මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්සන් කරන ලද ප්‍රථම සහයෝගතා ගිවිසුම මෙයයි. ආයතන ස්ථාපිත කිරීම, සහයෝගතා ක්‍රමවේදය, වැඩසටහන්හි අන්තර්ගතයන්, පිරිස් හුවමාරුව, කර්මාන්ත යන ක්ෂේත්‍රවල දෙපාර්ශ්වයේ සහයෝගතා පැවැත්වෙනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම