ඇමරිකාවේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු ජීවිතක්ෂයට
2023-03-28 09:22:35
Share with:

ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පොලිසිය වාර්තා කළේ ප්‍රාදේශීය වේලාවෙන් ඊයේ (27) පෙරවරුවේ 10:13 ට 28 හැවිරිදි කාන්තාවක් ප්‍රහාරක රයිෆල් දෙකකින් සහ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. ළමුන් තිදෙනෙක් සහ වැඩිහිටියන් තිදෙනෙක් ඉන් මිය ගියහ. තුවක්කුකාරිය එම ස්ථානයේදීම පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත.

ඇමරිකාවේ "තුවක්කු ප්‍රචණ්ඩත්වය ගොනුව" වෙබ් අඩවියේ දත්ත වලට අනුව, ඊයේ (27) වන විට, මෙම වසරේ ඇමරිකාවේ තුවක්කු ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පමණක් පුද්ගලයින් 9,800කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතරට ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් 400කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වන බව ද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම