චීන ජනපති හා සෞදි අරාබි ඔටුන්න හිමි කුමරු, එරට අගමැති අතර දුරකථන සංවාදයක්
2023-03-28 14:25:58
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සෞදි අරාබි ඔටුන්න හිමි කුමරු, එරට අගමැති Muhammad bin Salman මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙයි.

තමා වෙනුවෙන් Salman bin Abdul Aziz රජුට හෘදයංගම ආශිර්වාදය හා රාමසාන් සුබපැතුම් පිරිනමන ලෙස එහිදී ෂී ජින්පිං මහතා සෞදි අරාබි අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 

චීනය, සෞදි අරාබිය හා ඉරානය යන රටවල් තුනේ පොදු උත්සාහය යටතේ මෑතකදී සෞදි අරාබිය හා ඉරානය බෙයිජිංහි පැවැත්වූ සංවාදය ඔස්සේ දැවැන්ත ජයග්‍රහණය ලබා ගෙන ඇතැයි ෂී ජින්පිං මහතා කීය. ඉන් අනතුරුව කලාපීය අන්තර් රාජ්‍ය උණුසුම සමනය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත. සංවාද හා සාකච්ඡා මාර්ගවලින් ගැටළු හා මතභේද විසඳීම, ජන මතයටත්, කාලානුරූපවත් විවිධ රටවල වාසීන්ටත් ගැ‍ලපෙන බව ඉන් පැහැදිලි වී ඇතැයි චීන ජනාධිපතිවරයා කියා සිටියේය.

සෞදි අරාබි අගමැති Muhammad bin Salman මහතා විසින් Salman bin Abdul Aziz රජුගේ සුබ පැතුම්, ෂී ජින්පිං මහතාට පිරිනමා ඇත. ජනපති ධූරයට යළි පත්ව ඇති ෂී ජින්පිං මහතාට ඔහු උණුසුම් සුබ පැතුම් එක් කළේය. තම රට සහ ඉරානය අතර සම්බන්ධතාවය යහපත් කරලීමට චීනය ගත් උත්සාහය අගය කරන බව ඔහු කීය. චීනය කලාපීය හා ජගත් කටයුතුවලදී  ක්‍රමයෙන් වැදගත් සංවර්ධනාත්මක මෙහෙවරක් ඉටු කිරීම, සෞදි අරාබියේ ඉහල ප්‍රශංසාවට ලක් වන බවද ඔහු ප්‍රකාශ ‍කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම