සියළු ආකාරයේ වර්ගවාදී ක්‍රියා නතර කරන ලෙසට චීනය අදාළ රටවලින් ඉල්ලීමක් කරයි
2023-03-28 10:37:41
Share with:

සියළු ආකාරයේ වර්ගවාදය හා වෙනස් කොට සැලකීම් නතර කරන ලෙස චීනය අදාළ රටවලින් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය ඊයේ(27) වහල් ක්‍රමය හා අන්තර් අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාමට ගොදුරු වූවන්ගේ ජාත්‍යන්තර දින අනුස්මරණ උත්සවය පැවැත්විය. එක්සත් ජාතීන්ගේ චීන නියෝජිත කණ්ඩායමේ වැඩ බලන ප්‍රධානී Dai Bing මහතා එහිදී අදාළ රටවලින් ඉල්ලා සිටියේ ප්‍රායෝගික ක්‍රියා මගින් සියළු ආකාරයේ වර්ගවාදය හා වෙනස් කොට සැලකීම් ඉවත් කරන ලෙස ය. විවිධ රටවල් සමග ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාවට නැංවීම, සම්පූර්ණයෙන්ම වර්ගවාදය හා වර්ගවාදී සැලකීම අහෝසි කිරීම මගින් මානව හිමිකම් සහතික කිරීම හා පොදු ඉරණමක් සහිත මානව ඒකකය ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම