එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලෙන් ජනපතිට පැසසුම්
2023-03-28 18:20:11
Share with:

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) පවසයි.

ජනාධිපතිවරයාගේ එම කැපවීම ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සහතික කිරීමේ තීරණාත්මක පියවරක් බව ද ඔවුන් පෙන්වා දී ඇත.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ මාර්කෝ සෙගොන් මහතා ඇතුළු නියෝජිතයෝ ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළහ.

ප්‍රතිපත්ති, ආයතනික සහ වෘත්තීය මට්ටමින් ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ ජයග්‍රහණ පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙහිදී ශ්‍රී ලංකාවට සුබ පැතුම් පිරිනැමීය.

විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ ඇගයීම් ප්‍රවර්ධනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඇගයීමට ලක් කළ නියෝජිත පිරිස ශ්‍රී ලංකාව අභියෝග ජය ගැනීමේ දී එය සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනු ඇති බවට විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම