බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුව අද (28) සිට 31 වනදා දක්වා චීනයේ Hainan පළාතේ බෝඅඕ හිදී පැවැත්වෙයි. රටවල් හා ප්‍රදේශ 50කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 2000 ක් එම සමුළුවට එක් වෙති.
බොහෝ උසස් දේශපාලනඥයින්, අමාත්‍ය මට්ටමේ නිලධාරීන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 92 දෙනෙකු, ජාත්‍යන්තර හා කලාපීය සංවිධානවල ප්‍රධානීන් 11 දෙනෙකු, බොහෝ ව්‍යාපාරික නායකයින් සහ ප්‍රසිද්ධ විද්වතුන් මෙවර සමුළුවට සහභාගි වන බව අද (28) උදේවරුවේ පැවති සමුළුවේ ප්‍රථම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ. "අවිනිශ්චිත ලෝකයක්: සමගිය සහ සහයෝගිතාව තුළින් අභියෝගවලට මුහුණ දීම, විවෘතභාවය සහ අන්තර්ග්‍රහණය ඔස්සේ සංවර්ධනය නැංවීම" යන තේමාව යටතේ, "සංවර්ධනය සහ පූර්ණ ඇතුළත් කිරීම්", "කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව", "කලාපීය සහ ගෝලීය", සහ "වර්තමානය සහ අනාගතය" යන ප්‍රධාන මාතෘකා හතර එම සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇත.