ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ 2022 වාර්තාවෙන් කරණු රැසක් හෙළිදරව් වෙයි
2023-03-28 12:46:36
Share with:

ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ 2022 වාර්තාව එළි දැක්වේ.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(28) එම වාර්තාව නිකුත් කරමින් ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සත්‍ය කරුණු හෙළි කළේය.

එම වාර්තාව පරිච්ඡේද හතකින් සමන්විතය. පෙරවදන, සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ පද්ධතියේ බරපතල අසාර්ථකත්වය,  දිනෙන් දින හීනවන ඇමරිකානු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය, වාර්ගික වෙනස්කම් හා අසමානතාවයන් වර්ධනය වීම, සාමාන්‍ය ජනතාවගේ මූලික පැවැත්මේ අර්බුද උග්‍රවීම, කාන්තා හා ළමා අයිතිවාසිකම්වල ඓතිහාසික පසුබෑම සහ වෙනත් රටවල මානව හිමිකම් හිතාමතා උල්ලංඝනය කිරීම එම වාර්තාවට ඇතුළත්ය.

එම වාර්තාවට අනුව, 2022 දී ඇමරිකාවේ මානව හිමිකම් තත්ත්වය කැපී පෙනෙන ලෙස පසුගාමී වී ඇත. "මානව හිමිකම්වල ආරක්ෂකයා" යැයි තමා විසින් හඳුන්වනු ලබන ඇමරිකාව, මුදල් දේශපාලනය, වාර්ගික වෙනස්කම්, අවි ව්‍යාප්තිය, පොලිස් ප්‍රචණ්ඩත්වය සහ ඇති නැති පරතරය ද වර්ධනය වී ඇත. ඇමරිකානුවන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස සත්‍ය වශයෙන් සහතිකවී නොමැත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම