ඇමරිකාවේ ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදය”නතර කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2023-03-28 17:07:21
Share with:

වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදහත්වීමට ඇමරිකාවට කිසිඳු අයිතිවාසිකමක් නොමැති බවටත් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථය ඇමරිකාව ඒකපාර්ශ්විකව නියම කිරීමට විරුද්ධ වන බවටත් රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා ඇමරිකාවේ පැවැත්වෙන ඊනියා  ‘ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නායකයින්ගේ දෙවන සමුළුව’ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය. 

රුසියාවේ ස්ථාවරය චීනයේ පැසසුමට ලක් වන බව අද (28)චීන විදේශ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ අදාල ප්‍රශ්නයට පිලිතුරු ලබා දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය. 

ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදය” නමින් වෙනත් රටවල අභ්‍යාන්තර කටයුතුවලට මැදහත්වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ඇය පැවසුවාය. 

සිය රටේ පවතින අඩුපාඩු නොසලකා ඇමරිකාව “ප්‍රජාතන්ත්‍රවාදය” නමින් ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව” පවත්වයි.මතවාදයට අනුව, ලෝකයේ බෙදුම්වාදය ඇති කරන ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදයේ චින්තනය විනාශ කරන අතර සිය ආධිපත්‍යයේ ස්වභාවය අනාවරණය කර ඇතැයි ඇය සඳහන් කළාය.

වත්මන් ලෝකයට ගැටුම් ඇති කරන ඊනියා  “ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව” අනවශ්‍ය බවත් ජගත් ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සමගිය සහ සහයෝගතාව පමණක් ප්‍රමාණවත් වන බවද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම