විදෙස් සමාගම් තුනක් මෙරට ඉන්දන වෙළඳ ‍පොළට පිවිසෙයි
2023-03-28 18:28:44
Share with:

මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳ පොළට පිවිසීම සඳහා විදෙස් සමාගම් තුනකට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන තිබේ.

චීනයේ sinopec, ඕස්ට්‍රේලියාවේ united petroleum හා ඇමරිකාවේ RM parks හා එක්ව shell PLC යන සමාගම් වෙත මෙසේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.

දැනට ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන අලෙවි නියෝජිතයන් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මේ සමාගම් තුන සඳහා වෙන් කර දෙන බව ද ඇමතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වන බලපත්‍රයක් ලබා දෙනු ඇත. එමෙන්ම තෝරා ගත් සමාගම් මඟින් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමට නියමිත බවත් ඇමතිවරයා එහි දක්වා තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම