ඇමරිකාවේ මානව හිමිකම් සළුව කඩා වැටේ
2023-03-28 21:54:22
Share with:

බොහෝ ඇමරිකානු පවුල් කෙරෙහි මාර්තු මස 27 වනදා  අති දුක්බර දවසකි. ඇමරිකාවේ Tennessee ප්‍රාන්තයේ Nashville හි ප්‍රාථමික පාසලක වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව 9 වියැති අහිංසක දරුවන් තිදෙනෙක් සහ තවත් වැඩිහිටියන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 2022 වසරේ මැයි මාසයේදී ටෙක්සාස් හි රොබ් ප්‍රාථමික පාසලේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඇමරිකාවේ සිදුවූ දරුණුතම පාසල් වෙඩි තැබීම මෙයයි. 

අද(28) චීන රජය විසින් නිකුත් කරන ලද “ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ 2022 වාර්තාව” මගින් ලෝකයට සත්‍ය හෙළි කෙරිණ. වචන 18,000 කින් යුතු එම වාර්තාව තුළ විශාල සිද්ධීන් පිළිබඳ විස්තර හා දත්ත මගින් පසුගිය වසර තුළ ඇමරිකානු ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස තවදුරටත් අවම කිරීමේ සත්‍ය  හෙළි කර ඇත. එයින් ඇමරිකාවේ මානව හිමිකම් තත්ත්වය  "පසුබෑමක සලකුණු" සහිත බව පෙන්නුම් කර ඇත. පාසල් වෙඩි තැබීම්, ජාතික ආරක්ෂාව කෙරෙහි ඇමරිකානු ජනතාවගේ විශ්වාසය බිඳ දැමුවා පමණක් නොව, “මානව හිමිකම් ආරක්ෂකයන්ගේ”කුහකකම සහ ලැජ්ජාව යළිත් වරක් හෙළි කළේය.

සිය රටේ අයහපත් මානව හිමිකම් තත්ත්වය නොසලකා ඇමරිකාව ‘මානව හිමිකම්’ මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ජගත් ප්‍රජාව හමුවේ ගැටුම්, බෙදීම් හා ආරාවුල් තත්ත්වයන් ඇති කරමින් සිටී.

නිදහසට කරුණු කෙතරම් ලස්සනට ප්‍රකාශ කළත්, සිය රට තුළ වරප්‍රසාද ලත් පංතියේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම හා ආධිපත්‍යය තහවුරු කිරීම පිළිබඳ ඇමරිකාවේ සැබෑ අරමුණ වසන් කළ නොහැකිය. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම