ඊනියා “ණය උගුල” පිළිබඳ අපවාදයට චීනයේ දැඩි විරෝධය
2023-03-28 17:13:58
Share with:

ඊනියා “ණය උගුල” පිළිබඳ අපවාදයට චීනය දැඩි විරෝධය පළ කරයි.

චීනයේ ණය විනිවිදභාවයෙන් තොර බව ඇතැම් කණ්ඩායම් අසත්‍ය කටකතා පතුරවමින් සිටී. චීනය අපකීර්තියට පත් කිරීමේ එම ක්‍රියාව චීනය පිළි නොගන්නා බව අද (28) චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය.

ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම බොහෝ රටවල සංවර්ධනය සීමා කරන බාධකයකි. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජ සංවර්ධනයට චීනය අඛණ්ඩව සහාය වන බව ඇය සඳහන් කළාය. සහයෝගිතාව ඉහළ නංවා විවිධ රටවල සංවර්ධන අවශ්‍යතාවලට අනුව, චීනයේ විදේශ අරමුදල් යටිතල පහසුකම්වලට යොමු කර, ස්වයංව සහ තිරසරව එම රටවල සංවර්ධන හැකියාව වැඩිදියුණු කිරීමට චීනය කැප වී සිටින බව ඇය පෙන්වා දුන්නාය. එම රටවල ණය පීඩනය අඩු කිරීමට චීනය අඛණ්ඩව දායක වන බව ද Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම